Sunday, October 25, 2015

නැනෝ සිම් එකක ගානට, දැනට තියෙන සිම් එක කපා ගන්නේ කොහොමද ?


මෙම රූපෙයන් පෙනෙන්නේ නැනෝ සිම් එකක ගානට සාමාන්‍ය SIM එකක්  කපා ගත් අයුරුයි.

මේ සදහා අවශ්‍ය ද්‍රව්‍ය :
01. අඩි රූලක්
02. හොදින් කැපෙන කතුරක්
03. A4 කොලයක්
04. සිහින් තුඩ සහිත marker pen එකක්




Read More »

Thursday, October 8, 2015

නැනෝ සිම් (nano sim )

මගේ  office  එකේ  යාළුවෙක් ඉන්නවා රන්දිම කියලා. දචසක්   රන්දිම මට කිව්වා " මරු HTC Phone series එකක් ඇවිත් තියෙනවා කියලා" මට තේරුන විදිහට මිනිහට ඒ phone එකකට ගොඩක් හිත ගිහින් තමයි තිබුනේ, මොකද එ් දචස්වල එයා internet එකේ වැඩිපුරම search කරන්නේ HTC phone brand එකකට අදාල fretures තමයි. මොකද දන්නවද රන්දිමට එච්චරටම මේ phone 1ට හිතගිහින් තියෙන්නේ ?
එයාගේ බාප්පා මේ ලගදි අලුත් phone 1ක් අරන් ඒක HTC වර්ගයේම එකක් තමයි. මේ phone එක රන්දිම දැක්කට පස්සේ තමයි HTC phone වලට තියෙන ආසාව වැඩි වෙලා තියෙන්නේ. ඇත්තටම ඒ phone එකට සුපිරි look එකක් තියෙනවා තමයි.
පහුවදා මට රන්දිම කිව්වා මම phone 1ගත්තා කියලා ඒත් පොඩි අවුලක් තියෙනවා කියලා.
මම ඇහුවා මොකක්ද බන් අවුල කියලා. එතකොට රන්දිම කිව්වා මේ phone 1කේ dual sim දාන්න පුලුවන් ඒත්  nano sim තමයි මෙකට දාන්න පුලුවන් කියලා. රන්දිම phone එක ගත්තු shop  එකේ මිනිහෙක් එයා ගාව තිබුනු සිම් එක sim cutter එකකින් නැනෝ සිම් එකේ ගානට කපලා දීලා තිබුනා ඒත් ඒක වැඩ කරලා තිබුනේ එක දචසයි. පස්සේ රන්දිම Mobitel එකට ගිහින් damege වෙච්ච sim එක ‍වෙනුට අලුත් nano sim එකක් ගන්න. ඒත් mobitel එකෙත් nano sim ඉවරචෙලා.
බැරිම තැන රන්දිම micro sim එකක් තමා අරගෙන තියෙන්නේ. ඒත් පොඩි අවුලක් තියෙනවා මොකද micro sim ඒ phone එකට දාන්න බෑ. ඉතින් අපි හිතුවා ඒ micro sim එක nano sim එකක් ගානට කපලා ගන්න.
ඊටපස්සේ අපි ඒ micro sim එක කැපුවා හැබැයි යාළුවනේ ඒ වැඩේ කියන තරම්නම්  ලේසි නැහැ.
වැඩේ හරියට කලොත් ගොඩ නැත්නම් පරන සිම් එක වැඩකරන්නේ නැති වෙනවා. මොකද දන්නවද බැරිවෙලාවත් sim එකේ Active chip  කොටස damage  උනොත් තමයි සිම් එක වැඩකරන්නේ නැති වෙන්නේ. 

sim card එකක ව්‍යුහයක හරස්කඩක් පහත දැක්වේ.




ඔයාලටත් එ්වගේ නැනෝ සිම් එකක ගානට, දැනට තියෙන සිම් එක කපා ගන්නේ කොහොමද කියලා මම ඊලග ලිපියෙන් ලියන්නම්කෝ.
Read More »

Friday, October 2, 2015

මොනවටද මේ IP Address කියන්නේ

මගේ ඥාති අයියා කෙනෙකුගේ පුතෙක් ඉන්නවා ක්‍රිෂාන් කියලා. ඔන්න දවසක් මේ පොඩි පුතා ඇවිත් මගෙන් අහනවා පියුම් මහත්තයා කියන්නේ මල් බෙදන මාමා කෙනෙක්ද කියලා. කවුරු හරි එයාට විහිලුවට එහෙම කියලා තියෙන්නේ.
නෑ පුතේ ඒ මාමා තමයි ලියුම්  බෙදන්නෙ කියලා. මේ කොල්ලා ටිකක් කටකාරයි අනික ඉතින් දන්නවනේ පොඩිඋන් ප්‍රශ්න අහන්න ගත්තම කොහොමද කියලා. 
මේ  පුතා ඊලගට මගෙන් අහනවා :
 "පියුම් මාමා කොහොමද අපි ඉන්න තැන දන්නේ කියලා. "
මම කිව්වා, ලියුමේ උඩපැත්තෙ තමයි, ලියුම යන්න ඕන තැන ලියන්නේ  ඒකට තමයි Address එක කියලා කියන්නේ කියලා. 
ඊට පස්සේ පුතා මට කියනවා 
"අපේ ගෙදරටත් ලියුමක් ආවා ඒත් ඒ ලියුම වැරදිලාලු ඇවිත් තියෙන්නේ කියලි අපේ අම්මා කියනවා මට ඇහුනා " එහෙම පියුම් මාමාට වරදිනවද ?
මම කිව්වා, ගෙදර Address එක වැරදුනාම තමයි එහෙම වෙන්නේ කියලා.


දැන් අපි Subject එකට යමු...................................
ඔන්න අද කතා කරන්න  යන්නේ IP address ගැන 
අපෙ ගෙවල් වලට තියන Address එක වගේ පරිගනක ජාලයක ඇති PC
එකකටතියන ලිපිනයට තමයි IP Address එකක් කියලා කියන්නේ.
ඉතින් ඇයි මේක මේ තරම් වැදගත් වෙන්නෙ?
පරිගනක අතර තොරතුරු හුවමාරුවේදී පරිගනක අදුනාගන්නත් පරිගනක ජාලයට අයත් අනෙකුත් උපකරනවලට පරිගනක හදුනා ගැනීමේ පහසුවටත් ජාල කලමනාකරනයටත් (Network Administration) 
මේ IP ලිපිනය ගොඩක් වැදගත් වෙනවා.

අප Network එකක් සැළසුම් කිරීසුම් කිරීමේදී IP Address අපිට කැමති පරිදි එක් එක් උපකරණ සදහා Assign කිරීමට බැහැ. ‍මේ සදහා පිළිගත් ක්‍රමවේදයක් තියනවා. අප නිවරදිව Network එකක් සකස් කිරීමේදී එහි ඇති උපාංග ගනන, එම Network එකට සම්බන්ද කරන Network ගණන වැනි දෑ ගැන අපට ගොඩක් සැළකිලිමත් වෙන්න වෙනව. ඔන්න ඔය වගේ දෙ‍යකට තමයි මුලිකවම IP Address එකක් කියන්නේ.

එලෙසම විවිධ වූ මෙහෙයුම් පද්ධති සහිත විවිධ වූ පරිගනක අන්තර්ජාලය තුල දත්ත සන්නිවේදයන කිරීමට භාවිතා කරන සම්මත ප්‍රමිතිකරණය “අන්තර්ජාල නියමාවලිය”  Internet Protocol ලෙස හඳුන්වනවා. 
අපි මෙච්චර වෙලා IP කියලා කතාකලේ ඔය ගැන තමයි. 

තැපැල් ලිපිනයක් හඳුනාගැනීමට නිවසේ අංකය, වීදිය, නගරය, තැපැල් කොට්ඨාශ අංකය, වැනි විවිධ කොටස් භාවිතා කරනවා. ඒ ආකාරයටම IP ලිපිනයක් තුලද විවිධ උප කොටස් සහ විවිධ IP ලිපින පංති (Classes) වැනි දෑ ගොඩක් තියෙනවා. 
ඇත්තටම මෙම ලිපිය තුල එතරම් ගැඹුරට සාකච්ඡා කරන්න මට දැන් වෙලා මදි.  “Internet Protocol” පිළිබඳව ගැඹුරු අධ්‍යනයක් ඉදිරි ලිපියකින් මම ඉදිරිපත් කරන්නම්කෝ.................................
Read More »

Tuesday, September 29, 2015

මොකක්ද මේ protocol කියන්නේ






මම දැන් ඔයාලට කියන්න යන්නේ මගේ චූටි පුතා ගේ පොඩි කතාවක් තමයි.
මගෙ පොඩ්ඩගෙ දැන් වයස තමයි නියම වයස, මොකද මාස 9ක චූටි කොල්ලෙක් ඉන්නවා කියන්නේ ඒක මරුම මරු අත්දැකීමක්.
ඒ අත්දෑකීම විදලා නැති අය විදලම බලන්කකෝ.
ඔන්න එක දචසක් මම පොඩ්ඩව වඩාගෙන වතුර වීදුරැවක් බිව්වා. මෙන්න බොලේ මගේ podda එක පාරටම "ඈඅෑඈ...." කියලා සද්දයක් දැමිමා මම ඉතින් ඒක එච්චර ගනන් ගත්තේ නැ. ඔන්න තව දවසක් මම poddata යොගට් 1ක් කව කව ඉන්නකොට මට call 1ක් ආවා මම ඒ call 1 answer කරනකොට මට ආයෙත්  "ඈඅෑඈ...." කියලා සද්දේ අැහුනා ඒකත් ඉතින් මගේ පුතාගේ එදා දාපු සදදෙම තමයි.
මට ටික වෙලාවකින් තමයි චැඩේ මීටර් උනේ. මගේ පොඩ්ඩාට මොනවා හරි ඕන උනහම එයා ඒක ඉල්ලන්නේ  "ඈඅෑඈ...." කියලා තමා.
අපි දෙන්න කියනවා වගේ පුතා කියන්නේ "ඈඅෑඈ...." කියලා. ඊට පස්සේ නම් චූටි පුතා මොකක් හරි දිහා බලලා "ඈඅෑඈ...." කියලා කිව්වොත්  ඒක තමා එයා ඉල්ලන්නේ කියලා මම දන්නවා.

ඔන්න දැන් අපි subject  1කට බහිමු.
අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ චූටි පුතා "ඈඅෑඈ...." කියලා සද්දයක් දැම්මොත් ඒක වෙන කාටවත් තෙරෙන්නේ නැති උනාට මම ඒකේ අදහස දන්කවා. ඒ කියන්නේ මගේ චුටි පුතයි මායි අතර තිබෙන protocol එක තමයි  "ඈඅෑඈ...." කියලා කියන සබ්දය.
ඇත්තටම මෙ protocol කියලා සරලව කියන්නේ  දෙදෙනෙක් අතර හෝ කිහිප දෙනෙක් අතර යම් දෙයක් සම්බන්දයෙන් ඇතිකරගන්නාචු ගිචිසුමකටයි.
protocol කියන එක ආවේ protokollon කියන Greek වචනයකින්. protocol කියන්නේ නීති පද්ධතියකින් සමන්විත භාෂාවකට කෙනෙක් තවත් කෙනෙකුට කතා කරනකොට අනෙක් කෙනාට තේරෙන භාෂාවකින් කතා කරන්න ඕනේ නැත්නම් අනෙකාට මේලෝකේ දෙයක් තේරෙන්නේ නෑ…
මේ ලෝකේ සිටින සියඵ දෙනාටම තේරෙන එකම භාෂාව වන සංගීතයත්  බිහිරි අයට තේරෙන්නේ නෑ. හේතුව ඉතින් කන් ඇහෙන්නැති එකනේ… ගොළු අය පාවිච්චි කරන්නෙත් ඒ අයටම ආවේනික වුනු ප්‍රොටෝකෝල් එකක් (sign language).
කතාකරන කෙනා අහන කෙනාට තේරෙන භාෂාවකින් කතා කරන්නම ඕනෙ නැත්නම් communication එක ෆේල් වෙනවා….එසේනම් දෙන්නා අතර යම් භාෂාවක සම්මතයක් තවත් විදිහකට කියනවානම් දෙදෙනාටම පොදුවූ නීති පද්ධතියක් පිහිටුවා ගත යුතුයි.
TCP/IP කියන්නේ මුළු ලෝකෙටම පොදුවූ නීති පද්ධතියකින් සමන්විත ප්‍රොටෝකෝලයක්…. මෙහිදී යම්  bit pattern එකක් send කරපුවහම receiver එකට පුළුවන් එවපු දේ තේරුම් ගැනීමට.
ඕනෑම කෙනෙකුට තමන්ගේ අවශ්‍යතාවය අනුව තමන්ටම කියලා protocol එකක් සාදාගන්න පුළුවනි.  තමන්ගේම project එකකදී equipment අතර internal communication වලට Protocol එකක් design කරගත හැකියි…. නමුත් ලොකේ සිටින අනෙකුන් අතර සිදුවන communication  වලදී ලොවම පිළිගත් protocol පාවිච්චි කිරීම අනිවාර්යයි.
Read More »

Friday, September 25, 2015

Blutooth වල කාලේ දැන් ඉවරයි !



මගේ office එකේ පෙසා කියලා යාලුවෙක් ඉන්නවා. එයාගේ ඇත්ත නම පෙසා නෙමෙයි ඒත් අපි ලෙසියට කියන්නේ එහෙමයි. ඉතින් දචසක් පෙසා මගෙන් ඇහුවා ඇනිමේෂන් film එහෙම තියෙනවද කියලා ? 
හොද චෙලාවට මගේ ගාව Rio bird 2 කියලා film එකක් තිබුනා. 
මොකද 18 පැනපු කාටුන් බලන්නන්ගේ සංගමයේ මාත් ඉන්නවනේ.
ඔන්න ඔයාලත් Rio bird 2 බලලා නැත්නම් බලන්න පට්ට film එකක් තමා. හැබැයි ඒකේ Rio bird 1 බලලා තමා 2 බලන්න ඕනා.
ඉතින් ඊට පස්සේ මම ඒ film එකේ computer  share folder එකට දාලා එයාගේ Android phone එකට copy කරලා දුන්නා.
මම පස්සේ දචසක කියන්නම්කො computer එකේ share folder එකක ඉදලා Android phone එකකට file share කරන්නේ කොහොමද කියලා.
පස්සේ දචසක පෙසා එයාගේ බෝඩිමේදි මේ film එක බලනකොට එයාගේ යාළුවෙකුටත් මේ film එක ඕන වෙලා. හැබැයි මේ film එක දාන්න වෙලා තියෙන්නේ පෙසාගේ යාළුචගේ phone එකට ඉතින් පෙසා phone එකේ Bluetooth එහෙම on කරලා ලැස්ති වෙනකොටම පෙසාගේ යාළුවා කිව්වලු 
" දැන් Bluetooth වල කාලේ ඉවරයි බන් WiFi-direct තමයි දැන් file transfer කරන්න තියෙන ලේසිම සහ fast ම ක්‍රමය කියලා." 

කොහොමහරි පෙසාගේ යාළුචා ඒ film එක WiFi direct හරහා share කරගෙන තියෙනචා.

දැන් අපි බලමු මොකක්ද මේ WiFi direct කියන්නේ කියලා.



                    ඇත්තටම Wi-Fi Direct-certified devices චලට විතරයි මේ අලුත් technology එක support කරන්නේ.
ඒ කියන්නේ WiFi තියෙන හැම phone එකක්ම use කරලා WiFi direct මගින් connect කරන්න බැහැ. එහෙම connect කරනවනම් ඒවා Wi-Fi Direct-certified devices වෙන්න ඕනේ. අනික තමයි WiFi direct මගින් device 2ක් විතරක් නෙමෙ,
ඊට වඩා ගනනක් උනත් එකිනෙක හා සම්බන්ද කර ගන්න පුළුවන්. මේ technology එකේ තියෙන විශේෂම අංගය තමයි අපේ ගෙදර එහෙම නැත්නම් office එකේ තියෙන hotspot network එකට සම්බන්ධ නොවි කෙලින්ම ඒ ඒ device එකිනෙක හා සම්බන්ධ වීමට ඇති හැකියාවයි.
Mobile phones, cameras, printers, PCs, සහ gaming devices වගේ උපකරන එකිනෙක connect කරලා  ඒවායේ තිබෙන application ඒවගේම share කරන්න අචශ්‍ය files එක් device එකකින් තවත් device  එකකට ක්ෂනයකින්( Wi-Fi speeds of up to 250 Mbps) transfer කරන්න WiFi-direct  තාක්ෂණයට පුළුවන්.
ඔබ ලග දැනට තිබෙන phone එක නැත්නම්  TV එක වගේ උපකරන වල WiFi-direct පහසුකම දැනට පවතිනවද කියලා බලන්න ඕනෙනම්  පහත තිබෙන ලින්ක් එක මගින් බලාගන්න පුළුචන්.

ඔබගේ device  එක මෙම list එකේ තියෙනවද කියලා check  කරගන්න



Read More »

Tuesday, September 15, 2015

peer-to-peer (P2P)


යාළුවනේ අද මම ඔයාලට පොඩි කතන්දරයක් කියන්නයි යන්නේ.
මම හිතුවා ටිකක් අලුත් විදිහකට Computer Network ගැන මම දන්න ටික ඔයාලට කියන්න.
මෙකත් බෝරින් වගේ නම් පොඩි Comment 1 දාන්නකෝ.

ඔන්න එකමත් එක කාලෙක හිටියලු ගජ යාළුවෝ 4 දෙනෙක් චාමල්, ඉෂාන්, ප්‍රසාද් සහ පියුමි කියලා. ඔන්න ඉතින් මේ 4 දෙනා RC කියන ආයතනයේ වැඩ කරන කාලේ Computer Network කරන විදිහ කවුරුත් ලෝකේ හොයාගෙන තිබුනේ නැහැලු. මේ RC කියන ආයතනයේ Computer තිබුනට දැන් වගේ ඒවා Network කරලා File share කරන්න හැකියාව තිබිලත් නැහැ.
එත් මේ චාමල් ටිකක් කටකාරයෙක් වගේම වැඩ කායෙක්ලු. දවසක් පියුමි ඇවිත් කිව්වලු ,
“අපි මේ Computer 2ක් සම්බන්ධ කරලා File share කරන්න පුළුවන්ද කියලා බලමු කියලා”
චාමල් කිව්වලු
“අපි පොඩි research එකක් කරලා බලමු කියලා”

ඉතින් මේගොල්ලො පහත රූපයේ පරිදි Computer 2ක් setup කලාලු.




මෙහි තිබෙන  Network Card එකේ එක wire (1) එකක් “bits” send  කරන්නත් අනෙක් wire (2) ට “bits” receive කරන්නත් පුළුවන් වෙන විදිහව තමයි design කලේ.
පසුව රූපයේ පරිදි ඒ Network Card 2ක cross වෙන පරිදි Cable 2 කින් ප්‍රසාද් සම්බන්ධ කලාලු.
ඊලගට පියුමි මේ Computer 2ට File share  කරන්න පුළුවන් වෙන්න “Z” කියලා Program 1 හැදුවලු
මේ “Z” Program එකෙන් එක PCක සිට
Z send doc.txt කියලා type කලාම අනිත් PC එකෙන් doc.txt file 1 ලබාගන්න පුළුවන්.
කොහොමහරි මේ ගජ යාළුවෝ 4 දෙනාගේ වැඩ් හරි ගිහින් Computer 2 අතර File share  කරන්න පුළුවන් උනාලු.


දැන් අපි කතාකරන Peer-to-peer (P2P) computing or networking කියලා කියන්නේ මේවගේ PC 2ක් අතර තියෙන communication එකකට තමයි. 

Read More »

Friday, September 11, 2015

මොකක්ද මේ “bit” කියන්නේ ?

Short form එකක් තමා අපි බිට් “bit” කියලා කියන්නේ 
Binary digit තමා ඒකේ දිග නම,
මේක තමයි යම් තොරතුරක් “information” එකක තියෙන කුඩාම ඒකකය.

එක තනි බිට් එකකට Boolean value of False (0)  හරි Boolean value of True (1) හරි ලෙස  භූලියන් අගයන් දෙකක් තබා ගැනීමට හැකියාව තියෙනවා.
නිකම් හිතලා බලන්න මේ Boolean value දෙක පාවිච්චි කරලා Computer එක කොච්චර දේවල් අපිට කරලා දෙනවද?
සෑම උපදෙසක්ම “instruction” මෙහෙයවන්නේ මේ bit උපයෝගී කරගෙන. 
 මේ බයිට් byte කියලා කියන්නේ අඩියක් ගහනකොට කන ඒවලටනම් නෙමෙයි, අනුපිළිවෙලට “sequence” සකසපු bit වල ගුණිතයකට, මේවා සාමාන්‍යෙයන් පාවිච්චි කරන්නේ data store කරන්න වගේම instruction provide කරන්න. Byte එකකට සාමාන්‍යයෙන් යොදාගන්නේ බිට් අටයි “eight bit”. මෙම Byte 1ක ආකාර 28  හෝ 256 ලෙස විවිධ වූ values තිබිය හැක.

මේ bit සහ byte කියන එක ශබ්ධ වෙන්නේ එක වගේ නිසා නිතරම අපිට පැටලෙනවා. එහෙම නේද යාළුවනේ …………… ?
නමුත් මේවා ලියන විට,
“bit” දක්වන්නේ සිම්පල් “b” වලින්
“byte” දක්වන්නේ කැපිටල් “B” වලින්

අපි පොඩි උදාහරණයක් ගනිමු…………………

පොඩි text file එකක ප්‍රමාණය 6KB යැයි සිතමු,
ඒ කියන්නේ එම text file එක “byte” වලින් ගත්තොත් 6,000 bytes

එලෙසම එම text file එක “bit” වලින් ගත්තොත් 48,000 bits

සාමාන්‍ය ලෙස,  Hard disk එකක් හෝ Flash Drive යන storage devices වල  ගබඩා කරන Data ප්‍රමාණය (storage capacity ) මැනිමට,
“byte” භාවිතා කරනවා. 
නමුත් දත්ත හුවමාරු අනුපාතය (  data transfer rates )  මනින්නේ
 “bits” වලින් තමයි.

උදාහරණයක් වශයෙන්,................
SSD වල Data ගබඩා කල හැකි ප්‍රමාණය (ගබඩා ධාරිතාව ) 240 GB වන අතර එහි දත්ත හුවමාරු අනුපාතය (  data transfer rates )  10 Mbps වේ.

තොරතුරු තාක්ෂණයේදි, “bit” පොදුවේ බැලීමට සහ කණ්ඩායම් වශයෙන් තොරතුරු නියෝජනය කිරිමේ පහසුව සඳහා,  පහත ඒකක සාම්ප්‍රදායිකව භාවිතා කර ඇත.


මීට අමතරව, Computer processor architecture වලදි “bits” යන්න භාවිතා වනවා. 
එනම් 32-bit processor හෝ 64-bit processor ලෙස වර්ග දෙකකට බෙදා දැක්විය හැක.

උදා:- 32bit processor එකක data register එක 32bit තරම් පැතිරිලා තියෙනවා හෝ එක address එකක් මතකයේ තබාගන්න 32bit පාවිච්චි කරනවා. ඉතින් කාටත් තේරෙනවා ඇතිනේ මේක 64bit වෙනකොට වැඩි මතකයක් යොදා ගන්න හැකියාව තියෙන නිසා speed එකත් වැඩිවෙනවා....

32bit bus සහ 64bit bus වල අදහසත් මේ වගේමයි, සාමානයෙන් bus කියන්නේ මිනිස්සු ප්‍රවාහනයට ගන්න වාහනයක්නෙ 32bit bus කියන්නේ මිනිස්සු 32 ක් දාගෙන යන්න පුළුවන් බස් එකක් නම් 64bit bus කියන්නේ මිනිස්සු 64 ක් දාගෙන යන්න පුළුවන් බස් එකකට ඒක තමයි සරලම පැහැදිලි කිරිම.

Read More »

Friday, September 4, 2015

Official Android 6.0 Marshmallow

මේවා කන්න ආසයිද ?




මේ රූපේ පෙනහැටියට නම් තියෙන්නේ මාස්මෙලෝස් වගෙයි.
ෂාාාා.......  රසම රස  කෑමක්නේ.



හැබැයි මම දැන් කතා කරන්න යන්නේ කෑමක් ගැන නෙවෙයි. ඒ තමයි මේ මාස්මෙලෝස් OS එක ගැන.

දැන් කා අතරත් වැඩිපුරම ජනප්‍රිය ANDROID PHONE වලට අළුතෙන්ම එන Android 6.0 OS එක තමයි මේ මාස්මෙලෝස් කියලා කියන්නේ.
(a sweet spot for Marshmallow: Official Android 6.0)


මේ අළුත් Android 6.0 OS එකේ තියෙන අළුත්ම වැඩ කෑලි ටික (Features) තමයි.............

  • User Interface එක පාවිචි කරලා Final Permissions හදන්න පුළුවන් වන විදිහට update කරලා තියෙනවා.


  • මේ OS එකේ කරලා තියෙන අපිට වැදගත්ම වන දේ තමයි,  Doze කියලා අළුතෙන්ම power management scheme එකක් හදුනවා දී තිබේ. එමගින් Phone එකේ battery life එක දෙගුණ වන බව, GOOGLE සමාගම පවසනවා.
       ඒකනම් හොද ආරන්චියක් තමයි

  •  Network-related settings අපිටම reset කරවන්න පුලුවන් වෙන විදිහේ අළුත් option එකකුත් ලබා දීලා තියෙනවා.


  • Fingerprints පාවිච්චි කරලා devices එක unlock කරන්න වගේම Android Apps වලට fingerprint-based authentication ලබාදෙන්නත් පුලුවන්.


  • Android Marshmallow OS එකට USB Type-C භාවිතා කරන්න පුලුවන්.

(the ability to instruct devices to charge another device over USB )

Android "Marshmallow" home screen, with proprietary applications
DeveloperGoogle
Latest previewDeveloper Preview 3 MPA44I / August 19, 2015; 15 days ago
Preceded byAndroid 5.x "Lollipop"
Official websitewww.android.com


Read More »

Saturday, August 29, 2015

Transmission Media

Transmission Mediums in Computer Networks


එක් තැනක සිට අපේ දත්ත තවත් තැනකට යැවීමට සම්ප්රේෂණ මාධ්ය ( Transmission medium ) භාවිතා කරයි. 
නමුත් පරිගණක හා වෙනත්  විදුලි සංදේශ උපකරණ විසින් දත්ත, සංඥා ආකාරයෙන් නියෝජනය වේ. 
සංඥා එක් උපාංගයක සිට තවත් උපකරණයකට විද්යුත් චුම්භක ශක්තිය (electromagnetic energy) ස්වරූපයෙන් සම්ප්රේෂණය වේ.
විද්යුත් චුම්භක සංඥා එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීමට රික්තය, ගුවන් හෝ වෙනත් සම්ප්රේෂණ මාධ්යයන් යොදා ගනි.




Read More »

Tuesday, August 25, 2015

Communication device


සන්නිවේදන උපකරණයක් යනු ඇනලොග් හෝ ඩිජිටල් සංඥා සම්පේෂණය කිරීෙම් හැකියාව ඇති එයට අදාල සම්පේෂණ මාද්‍ය සකසා දිය හැකි උපකරණ වේ.
වෙනත් වචනවලින් කිවහොත්, එක් තැනක සිට තොරතුරු හෝ දත්ත වෙනත් තැනකට ගෙනයාම සදහා විෙශේෂෙයන් නිර්මාණය කර ඇති උපකරණ හෝ දෘඩාංග කොටස වේ.

සන්නිවේදන උපකරණ සඳහා වන නිදසුන් කිහිපයක්  පහත දක්වා ඇත.


Network interface card (NIC)



The hardware handles all the physical network signals
The NIC allows data to be communicated to and from a networked computer



Wi-fi  cards






When you are using your computer on a wireless network, you need to be able to 
send data to and receive data from the server and other computers on the network.
This may be done by a built-in wi-fi in your laptop or mobile device connected to a local 
network.
If your laptop needs to connect via a mobile wi-fi network, 
then you can also purchase a Wi-Fi 'dongle' that looks like a memory stick and is inserted 
into a USB port. 
It works in just the same way but is designed to work with a specific mobile internet 
network provider


Router



This is a very important network communication device. 
It is responsible   for sending network traffic to its correct destination. 
It works by reading the destination network address within each data packet and sends it 
along its way. 
There can be many routers on a large network..


Modem








A Modem is a device used to convert digital data to analogue data in order to 
transmit it over the telephone network (Modulation).
It will also convert the analogue data back into digital data when the computer is 
receiving data from the telephone network (Demodulation). 
So together the device Modulates and Demodulates.
Read More »

පරිගණක ජාල පිළිබඳ අර්ථ නිරූපනය ( Definition of Computer Networks )


 සරල ලෙසින්  පරිගණක ජාලයක් ලෙසින් හැඳින්වෙන්නේ, පරිශීලකයන් අතර සන්නිවේදන පහසුකම් සලසන සහ සම්පත් බෙදාගැනුමට පරිශීලකයන්ට ඉඩ සලසන පරිදී සන්නිවේදන උපකරණ ( communication devices ) භාවිතා කරමින් සන්නිවේදන නාලිකා ( transmission media) මගින් එකිනෙක සම්බන්ධ කර ඇති පරිගණක සහ උපකරණ සමූහයකටයි.


පහත තිබෙන්නේ Computer Network ක් සදහා උදාහරණයකි.























* ඉහත රූපසටහනේ පරිදි,
Laptop එකේ NIC  ( network interface card ) ක්ද   Desktop Computer එකේ  NIC කාඩ්ක්ද Database Server එකේ NIC ක් ද  Network Printer එකේ NIC ක්ද ඇත.
තවද ඒවා සියල්ලම HUB එකට Network cable එකකින් සම්බන්ධ වී ඇත.

* මෙම NIC සහ HUB කියන්නේ communication devices වලටයි.

* එම communication devices ( NIC, HUB ) එකිනෙක සම්බන්ධ වී ඇත්තේ Network cables වැනි transmission media එකක් මගිනුයි.

Read More »

Sunday, August 16, 2015

Internet පෞද්ගලික පිරික්සීමට incognito mode භාවිතා කරන්න



Chrome Browser එක භාවිතා කරමින් ඔබට Internet එකේ පෞද්ගලික පිරික්සීම් පහසුවෙන්කල හැක.

වෙබ් අඩවි ඔබ පිවිසෙන විට ප්‍රවේශම් වන්න, ඔබගේ සේවායෝජකයා, හෝ ඔබේ සේවා සපයන්නා ඔබගේ ගවේෂණ කටයුතු පරික්ෂා කරන්න පුළුවන්.

Chrome Browser මගින් එහි ඇති සුවිශේෂි incognito mode භාවිතා කරමින්
ඔබේ සෙවුම් ඉතිහාසය  සේවා සපයන්නාට නොපෙනෙන පරිදි Internet  Browse කල හැක.

ඔබේ Chrome Browser එකේ දකුණු අත පැත්තේ ඇති setting  මගින් එම incognito Window එක
Open කර ගත හැක.

පහත දැක්වෙන icon එක ඔබේ  Chrome Browser එකේ වම් අත පැත්තේ දිස් වේ නම්,
ඔබ  incognito Window එකක් open කරගෙන ඇත.
දැන් ඔබගේ සියලුම Internet  Browsing ආරක්ෂිතයි.

incognito Icon

























Read More »