Thursday, October 8, 2015

නැනෝ සිම් (nano sim )

මගේ  office  එකේ  යාළුවෙක් ඉන්නවා රන්දිම කියලා. දචසක්   රන්දිම මට කිව්වා " මරු HTC Phone series එකක් ඇවිත් තියෙනවා කියලා" මට තේරුන විදිහට මිනිහට ඒ phone එකකට ගොඩක් හිත ගිහින් තමයි තිබුනේ, මොකද එ් දචස්වල එයා internet එකේ වැඩිපුරම search කරන්නේ HTC phone brand එකකට අදාල fretures තමයි. මොකද දන්නවද රන්දිමට එච්චරටම මේ phone 1ට හිතගිහින් තියෙන්නේ ?
එයාගේ බාප්පා මේ ලගදි අලුත් phone 1ක් අරන් ඒක HTC වර්ගයේම එකක් තමයි. මේ phone එක රන්දිම දැක්කට පස්සේ තමයි HTC phone වලට තියෙන ආසාව වැඩි වෙලා තියෙන්නේ. ඇත්තටම ඒ phone එකට සුපිරි look එකක් තියෙනවා තමයි.
පහුවදා මට රන්දිම කිව්වා මම phone 1ගත්තා කියලා ඒත් පොඩි අවුලක් තියෙනවා කියලා.
මම ඇහුවා මොකක්ද බන් අවුල කියලා. එතකොට රන්දිම කිව්වා මේ phone 1කේ dual sim දාන්න පුලුවන් ඒත්  nano sim තමයි මෙකට දාන්න පුලුවන් කියලා. රන්දිම phone එක ගත්තු shop  එකේ මිනිහෙක් එයා ගාව තිබුනු සිම් එක sim cutter එකකින් නැනෝ සිම් එකේ ගානට කපලා දීලා තිබුනා ඒත් ඒක වැඩ කරලා තිබුනේ එක දචසයි. පස්සේ රන්දිම Mobitel එකට ගිහින් damege වෙච්ච sim එක ‍වෙනුට අලුත් nano sim එකක් ගන්න. ඒත් mobitel එකෙත් nano sim ඉවරචෙලා.
බැරිම තැන රන්දිම micro sim එකක් තමා අරගෙන තියෙන්නේ. ඒත් පොඩි අවුලක් තියෙනවා මොකද micro sim ඒ phone එකට දාන්න බෑ. ඉතින් අපි හිතුවා ඒ micro sim එක nano sim එකක් ගානට කපලා ගන්න.
ඊටපස්සේ අපි ඒ micro sim එක කැපුවා හැබැයි යාළුවනේ ඒ වැඩේ කියන තරම්නම්  ලේසි නැහැ.
වැඩේ හරියට කලොත් ගොඩ නැත්නම් පරන සිම් එක වැඩකරන්නේ නැති වෙනවා. මොකද දන්නවද බැරිවෙලාවත් sim එකේ Active chip  කොටස damage  උනොත් තමයි සිම් එක වැඩකරන්නේ නැති වෙන්නේ. 

sim card එකක ව්‍යුහයක හරස්කඩක් පහත දැක්වේ.




ඔයාලටත් එ්වගේ නැනෝ සිම් එකක ගානට, දැනට තියෙන සිම් එක කපා ගන්නේ කොහොමද කියලා මම ඊලග ලිපියෙන් ලියන්නම්කෝ.

No comments :

Post a Comment