Tuesday, November 17, 2015

IP address වර්ග


ඔන්න අද කතා කරන්න  යන්නේ IP address ගැන තවත් වැදගත් දේවල් ටිකක් තමයි.
IP address වර්ග දෙකක් මේ වෙනකොට ලෝකේ පාවිච්චි කරනව. තමයි

1.   IP VIRSION 4 (ipv4)
2.   IP VERSION 6 (ipv6)

දැනට අපිනම් වැඩිපුරම භාවිතා කරන්නේ ipv4 address තමයි. ඒත් ලෝකේ අනිත් රටවල් නම් ipvaddress දැන පාවිච්චි කරනවා.
අපි වැඩියෙන්ම පාවිච්චි කරන  IPv4 ගැන දැන් කතාකරමු

Ø IP address එකක byte 4ක් තියෙනවා.
Ø එක byte හදුන්වන්නේ octet එකක් කියලයි.  
Ø Octet එකක උපරිම අගය 255 සහ අවම අගය 0 වේ.
Ø එම අගය 8බිට් (8 bit) වලින් පෙන්න්වයි.
Ø Ip addressඑකට bit 32තියෙනවා.

අපි සාමාන්‍යයෙන් IP address එකක් ලියන්නේ  Dot-decimal notation එකෙන්
දැන් ඔයාලා බලනවා ඇති මොකක්ද මේ Dot-decimal notation කියන්නේ කියලා.
කියන්නේ  අපි ඉස්සර වෙලා කතාකරපු Octet එකක් එහෙමත් නැත්නම්  byte 1ක්  
( bit වලින් නම් 8ක් ), dot 1 කින් වෙන් කරලා දහයේ පාදයෙන් ලියන ක්‍ර වේදයට තමයි.

උදාහරනයක් ලෙස  මෙ 172.16.254.1. IP address එක සලකා බැලුවොත් මෙහි  ඇති IP එක dots වලින්  8 bits (octet) group වලට වෙන් කරලා තියෙනවා.













සාමාන්‍යයෙන්  ip address එකක් හරි විදිහට නම් භාවිතා කරන්නේ ඕනේ binary අගයන් වලින්   ( උදා: 11000000.10101000.00000101.10000011 ).

මේ ක්‍රමය අපිට මතක තියාගන්න අපහසු නිසා තමයි ඒක දහයේ පාදයේ සංඛ්‍යා වලට 
හරවල මේ  ip address පාවිච්චි කරන්නෙඉහත උදාහරණයේ binary වලින්දක්වා ඇති  
ip address එක  දහයේ පාදය හරවපුවම ලැබෙන්නේ 192.168.5.131.


ඉතින් මේ ක්‍රමයට කොච්චර address ප්‍රමාණයක් හදන්න පුලුවන්ද කියල ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. 

000.000.000.000 ඉදල  255.255.255.255 වෙනකන් address  බිලියන 4.3 ක් විතර හදන්න පුළුවන්. කොහොම උනත් මේ ලිපින වලින් මිලියන 16.8 ක් විතර නොයෙක් හේතුන් මත සාමාන්‍ය පරිශීලකයන්ට භාවිතා කරන්න දෙන්නෙ නෑ. 
අපි ඒ ගැනත් ඉදිරියේදි කථාකරමුකෝ. (  public IP address සහ private IP addresses ලෙස අා‍යෙත් ip address බෙදා දක්වන්න පුලුවන් )

ඒ උනාට මේ address බිලියන ගණන අද වන විට මදි වෙලා කියල කිව්වොත් ඔබ විස්වාස කරන එකක් නෑ. ඒ තරමට අන්තර්ජාලය හා සම්බන්ද වෙන උපාංග ගණන අති විශාල ලෙස ඉහල ගිහින්. ඉතින් මේකට පිලියමක් වශයෙන් තමයි ipv6 ලෝකයට එන්නෙ.





Read More »