Friday, October 2, 2015

මොනවටද මේ IP Address කියන්නේ

මගේ ඥාති අයියා කෙනෙකුගේ පුතෙක් ඉන්නවා ක්‍රිෂාන් කියලා. ඔන්න දවසක් මේ පොඩි පුතා ඇවිත් මගෙන් අහනවා පියුම් මහත්තයා කියන්නේ මල් බෙදන මාමා කෙනෙක්ද කියලා. කවුරු හරි එයාට විහිලුවට එහෙම කියලා තියෙන්නේ.
නෑ පුතේ ඒ මාමා තමයි ලියුම්  බෙදන්නෙ කියලා. මේ කොල්ලා ටිකක් කටකාරයි අනික ඉතින් දන්නවනේ පොඩිඋන් ප්‍රශ්න අහන්න ගත්තම කොහොමද කියලා. 
මේ  පුතා ඊලගට මගෙන් අහනවා :
 "පියුම් මාමා කොහොමද අපි ඉන්න තැන දන්නේ කියලා. "
මම කිව්වා, ලියුමේ උඩපැත්තෙ තමයි, ලියුම යන්න ඕන තැන ලියන්නේ  ඒකට තමයි Address එක කියලා කියන්නේ කියලා. 
ඊට පස්සේ පුතා මට කියනවා 
"අපේ ගෙදරටත් ලියුමක් ආවා ඒත් ඒ ලියුම වැරදිලාලු ඇවිත් තියෙන්නේ කියලි අපේ අම්මා කියනවා මට ඇහුනා " එහෙම පියුම් මාමාට වරදිනවද ?
මම කිව්වා, ගෙදර Address එක වැරදුනාම තමයි එහෙම වෙන්නේ කියලා.


දැන් අපි Subject එකට යමු...................................
ඔන්න අද කතා කරන්න  යන්නේ IP address ගැන 
අපෙ ගෙවල් වලට තියන Address එක වගේ පරිගනක ජාලයක ඇති PC
එකකටතියන ලිපිනයට තමයි IP Address එකක් කියලා කියන්නේ.
ඉතින් ඇයි මේක මේ තරම් වැදගත් වෙන්නෙ?
පරිගනක අතර තොරතුරු හුවමාරුවේදී පරිගනක අදුනාගන්නත් පරිගනක ජාලයට අයත් අනෙකුත් උපකරනවලට පරිගනක හදුනා ගැනීමේ පහසුවටත් ජාල කලමනාකරනයටත් (Network Administration) 
මේ IP ලිපිනය ගොඩක් වැදගත් වෙනවා.

අප Network එකක් සැළසුම් කිරීසුම් කිරීමේදී IP Address අපිට කැමති පරිදි එක් එක් උපකරණ සදහා Assign කිරීමට බැහැ. ‍මේ සදහා පිළිගත් ක්‍රමවේදයක් තියනවා. අප නිවරදිව Network එකක් සකස් කිරීමේදී එහි ඇති උපාංග ගනන, එම Network එකට සම්බන්ද කරන Network ගණන වැනි දෑ ගැන අපට ගොඩක් සැළකිලිමත් වෙන්න වෙනව. ඔන්න ඔය වගේ දෙ‍යකට තමයි මුලිකවම IP Address එකක් කියන්නේ.

එලෙසම විවිධ වූ මෙහෙයුම් පද්ධති සහිත විවිධ වූ පරිගනක අන්තර්ජාලය තුල දත්ත සන්නිවේදයන කිරීමට භාවිතා කරන සම්මත ප්‍රමිතිකරණය “අන්තර්ජාල නියමාවලිය”  Internet Protocol ලෙස හඳුන්වනවා. 
අපි මෙච්චර වෙලා IP කියලා කතාකලේ ඔය ගැන තමයි. 

තැපැල් ලිපිනයක් හඳුනාගැනීමට නිවසේ අංකය, වීදිය, නගරය, තැපැල් කොට්ඨාශ අංකය, වැනි විවිධ කොටස් භාවිතා කරනවා. ඒ ආකාරයටම IP ලිපිනයක් තුලද විවිධ උප කොටස් සහ විවිධ IP ලිපින පංති (Classes) වැනි දෑ ගොඩක් තියෙනවා. 
ඇත්තටම මෙම ලිපිය තුල එතරම් ගැඹුරට සාකච්ඡා කරන්න මට දැන් වෙලා මදි.  “Internet Protocol” පිළිබඳව ගැඹුරු අධ්‍යනයක් ඉදිරි ලිපියකින් මම ඉදිරිපත් කරන්නම්කෝ.................................

No comments :

Post a Comment