Tuesday, September 29, 2015

මොකක්ද මේ protocol කියන්නේ






මම දැන් ඔයාලට කියන්න යන්නේ මගේ චූටි පුතා ගේ පොඩි කතාවක් තමයි.
මගෙ පොඩ්ඩගෙ දැන් වයස තමයි නියම වයස, මොකද මාස 9ක චූටි කොල්ලෙක් ඉන්නවා කියන්නේ ඒක මරුම මරු අත්දැකීමක්.
ඒ අත්දෑකීම විදලා නැති අය විදලම බලන්කකෝ.
ඔන්න එක දචසක් මම පොඩ්ඩව වඩාගෙන වතුර වීදුරැවක් බිව්වා. මෙන්න බොලේ මගේ podda එක පාරටම "ඈඅෑඈ...." කියලා සද්දයක් දැමිමා මම ඉතින් ඒක එච්චර ගනන් ගත්තේ නැ. ඔන්න තව දවසක් මම poddata යොගට් 1ක් කව කව ඉන්නකොට මට call 1ක් ආවා මම ඒ call 1 answer කරනකොට මට ආයෙත්  "ඈඅෑඈ...." කියලා සද්දේ අැහුනා ඒකත් ඉතින් මගේ පුතාගේ එදා දාපු සදදෙම තමයි.
මට ටික වෙලාවකින් තමයි චැඩේ මීටර් උනේ. මගේ පොඩ්ඩාට මොනවා හරි ඕන උනහම එයා ඒක ඉල්ලන්නේ  "ඈඅෑඈ...." කියලා තමා.
අපි දෙන්න කියනවා වගේ පුතා කියන්නේ "ඈඅෑඈ...." කියලා. ඊට පස්සේ නම් චූටි පුතා මොකක් හරි දිහා බලලා "ඈඅෑඈ...." කියලා කිව්වොත්  ඒක තමා එයා ඉල්ලන්නේ කියලා මම දන්නවා.

ඔන්න දැන් අපි subject  1කට බහිමු.
අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ චූටි පුතා "ඈඅෑඈ...." කියලා සද්දයක් දැම්මොත් ඒක වෙන කාටවත් තෙරෙන්නේ නැති උනාට මම ඒකේ අදහස දන්කවා. ඒ කියන්නේ මගේ චුටි පුතයි මායි අතර තිබෙන protocol එක තමයි  "ඈඅෑඈ...." කියලා කියන සබ්දය.
ඇත්තටම මෙ protocol කියලා සරලව කියන්නේ  දෙදෙනෙක් අතර හෝ කිහිප දෙනෙක් අතර යම් දෙයක් සම්බන්දයෙන් ඇතිකරගන්නාචු ගිචිසුමකටයි.
protocol කියන එක ආවේ protokollon කියන Greek වචනයකින්. protocol කියන්නේ නීති පද්ධතියකින් සමන්විත භාෂාවකට කෙනෙක් තවත් කෙනෙකුට කතා කරනකොට අනෙක් කෙනාට තේරෙන භාෂාවකින් කතා කරන්න ඕනේ නැත්නම් අනෙකාට මේලෝකේ දෙයක් තේරෙන්නේ නෑ…
මේ ලෝකේ සිටින සියඵ දෙනාටම තේරෙන එකම භාෂාව වන සංගීතයත්  බිහිරි අයට තේරෙන්නේ නෑ. හේතුව ඉතින් කන් ඇහෙන්නැති එකනේ… ගොළු අය පාවිච්චි කරන්නෙත් ඒ අයටම ආවේනික වුනු ප්‍රොටෝකෝල් එකක් (sign language).
කතාකරන කෙනා අහන කෙනාට තේරෙන භාෂාවකින් කතා කරන්නම ඕනෙ නැත්නම් communication එක ෆේල් වෙනවා….එසේනම් දෙන්නා අතර යම් භාෂාවක සම්මතයක් තවත් විදිහකට කියනවානම් දෙදෙනාටම පොදුවූ නීති පද්ධතියක් පිහිටුවා ගත යුතුයි.
TCP/IP කියන්නේ මුළු ලෝකෙටම පොදුවූ නීති පද්ධතියකින් සමන්විත ප්‍රොටෝකෝලයක්…. මෙහිදී යම්  bit pattern එකක් send කරපුවහම receiver එකට පුළුවන් එවපු දේ තේරුම් ගැනීමට.
ඕනෑම කෙනෙකුට තමන්ගේ අවශ්‍යතාවය අනුව තමන්ටම කියලා protocol එකක් සාදාගන්න පුළුවනි.  තමන්ගේම project එකකදී equipment අතර internal communication වලට Protocol එකක් design කරගත හැකියි…. නමුත් ලොකේ සිටින අනෙකුන් අතර සිදුවන communication  වලදී ලොවම පිළිගත් protocol පාවිච්චි කිරීම අනිවාර්යයි.

No comments :

Post a Comment