Wednesday, April 6, 2016

අපේ ඇස්වලට පෙනි පෙනී අපි නොදකින Gmail Inbox එකේ TAB වල ඇති සියලුම Email එකවර Delete කිරීම


දැන් Google සමාගම විසින් Gmail Inbox එක modify කරලයි තියෙන්නෙ ඒකෙ Primary, Social, Promotions, updates කියලා tabs වගයක් තියෙනවා‍. මට තිබුන ලොකුම අවුල තමයි මේ Social කියන TAB එක Facebook එකෙන්  එන email notifications වලින් පිරිලා තැබුනා. නමුත් මේවා එකෙන් එක Delete කරන එකනම් සෑහෙන වදයක් ඒකට පොඩි විසදුමක් තමයි අද මම කියන්න යන්නෙ.

ඒත් මේ කියන්න යන්නේ අමුතු දෙයක් ගැන නම් නෙවෙයි.  හැමෝටම පේන්න තියෙන ඒත් අවධානය යොමු නොවුණු පුංචි තැනක් ගැනයි. Gmail Inbox එකේ TAB වල ඇති සියලුම Email එකවර Select කිරීමේ ක්‍රමයක් බොහෝදෙනෙක් දැක නැතත් Inbox එකේම උඩින්ම තිබෙනවා. මේ සඳහා ඔබ කළයුත්තේ ඔබේ ඉන්බොක්ස් එකෙහි සාමාන්‍ය පරිදි පළමු පිටුවේ ඇති Emails සියල්ල සිලෙක්ට් කිරීම පමණයි. ඒ සඳහා ඔබට Select All විකල්පය තෝරාදිය හැකියි.



ඉන්පසු ඔබේ Inbox එකට අදාල Social කියන TAB  එකේ පළමු පිටුවේ ඇති ඊමේල් සියල්ල select කල හැක. එමෙන්ම එම Email සංඛ්‍යාව select වී ඇති බවත්, Social කියන TAB  එකේ ඇති සියලුම Email select කළහැකි විකල්පයකුත් එම Emails වලට ඉහළින් පෙනෙනු ඇති. 
පහත රූපයේ පරිදි රතු ඊතලයෙන් Social කියන TAB  එකේ අැති එදා මෙදා තුර පැමිණි  සියලුම Emails දිස්වේ.

දැන් ඔබ කළයුත්තේ මෙම Select all 489  conversations in Social යන්න මත ක්ලික් කිරීමයි. එවිට ඔබේ Social කියන TAB  එක තුළ එදා මෙදා තුර පැමිණි සියලුම Emails select වනු ඇත. දැන් ඔබට Delete මත ක්ලික් කර එම ඊමේල් සියල්ල එකවර මකා දැමිය හැකියි හැකියි.


ඉන්පසු ඔබේ Social කියන TAB එක clear වනු ඇති.

මේ අපි බොහෝදෙනෙකුගේ ඇස්වලට පෙනි පෙනී අපි නොදකින තවත් එක් දෙයක් විතරයි. තවත් මෙවැනි දේ ඇති. සොයා බලන්න.



No comments :

Post a Comment