සරල ලෙසින් පරිගණක ජාලයක් ලෙසින් හැඳින්වෙන්නේ, පරිශීලකයන් අතර සන්නිවේදන පහසුකම් සලසන සහ
සම්පත් බෙදාගැනුමට පරිශීලකයන්ට ඉඩ සලසන පරිදී සන්නිවේදන උපකරණ ( communication devices ) භාවිතා කරමින් සන්නිවේදන නාලිකා ( transmission media) මගින් එකිනෙක
සම්බන්ධ කර ඇති පරිගණක සහ උපකරණ
සමූහයකටයි.
පහත තිබෙන්නේ Computer Network ක් සදහා උදාහරණයකි.
* ඉහත රූපසටහනේ පරිදි,
Laptop එකේ NIC ( network interface card ) ක්ද Desktop Computer එකේ NIC කාඩ්ක්ද Database Server එකේ NIC ක් ද Network Printer එකේ NIC ක්ද ඇත.
තවද ඒවා සියල්ලම HUB එකට Network cable එකකින් සම්බන්ධ වී ඇත.
* මෙම NIC සහ HUB කියන්නේ communication devices වලටයි.
* එම communication devices ( NIC, HUB ) එකිනෙක සම්බන්ධ වී ඇත්තේ Network cables වැනි transmission media එකක් මගිනුයි.
No comments :
Post a Comment