Tuesday, September 29, 2015

මොකක්ද මේ protocol කියන්නේ






මම දැන් ඔයාලට කියන්න යන්නේ මගේ චූටි පුතා ගේ පොඩි කතාවක් තමයි.
මගෙ පොඩ්ඩගෙ දැන් වයස තමයි නියම වයස, මොකද මාස 9ක චූටි කොල්ලෙක් ඉන්නවා කියන්නේ ඒක මරුම මරු අත්දැකීමක්.
ඒ අත්දෑකීම විදලා නැති අය විදලම බලන්කකෝ.
ඔන්න එක දචසක් මම පොඩ්ඩව වඩාගෙන වතුර වීදුරැවක් බිව්වා. මෙන්න බොලේ මගේ podda එක පාරටම "ඈඅෑඈ...." කියලා සද්දයක් දැමිමා මම ඉතින් ඒක එච්චර ගනන් ගත්තේ නැ. ඔන්න තව දවසක් මම poddata යොගට් 1ක් කව කව ඉන්නකොට මට call 1ක් ආවා මම ඒ call 1 answer කරනකොට මට ආයෙත්  "ඈඅෑඈ...." කියලා සද්දේ අැහුනා ඒකත් ඉතින් මගේ පුතාගේ එදා දාපු සදදෙම තමයි.
මට ටික වෙලාවකින් තමයි චැඩේ මීටර් උනේ. මගේ පොඩ්ඩාට මොනවා හරි ඕන උනහම එයා ඒක ඉල්ලන්නේ  "ඈඅෑඈ...." කියලා තමා.
අපි දෙන්න කියනවා වගේ පුතා කියන්නේ "ඈඅෑඈ...." කියලා. ඊට පස්සේ නම් චූටි පුතා මොකක් හරි දිහා බලලා "ඈඅෑඈ...." කියලා කිව්වොත්  ඒක තමා එයා ඉල්ලන්නේ කියලා මම දන්නවා.

ඔන්න දැන් අපි subject  1කට බහිමු.
අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ චූටි පුතා "ඈඅෑඈ...." කියලා සද්දයක් දැම්මොත් ඒක වෙන කාටවත් තෙරෙන්නේ නැති උනාට මම ඒකේ අදහස දන්කවා. ඒ කියන්නේ මගේ චුටි පුතයි මායි අතර තිබෙන protocol එක තමයි  "ඈඅෑඈ...." කියලා කියන සබ්දය.
ඇත්තටම මෙ protocol කියලා සරලව කියන්නේ  දෙදෙනෙක් අතර හෝ කිහිප දෙනෙක් අතර යම් දෙයක් සම්බන්දයෙන් ඇතිකරගන්නාචු ගිචිසුමකටයි.
protocol කියන එක ආවේ protokollon කියන Greek වචනයකින්. protocol කියන්නේ නීති පද්ධතියකින් සමන්විත භාෂාවකට කෙනෙක් තවත් කෙනෙකුට කතා කරනකොට අනෙක් කෙනාට තේරෙන භාෂාවකින් කතා කරන්න ඕනේ නැත්නම් අනෙකාට මේලෝකේ දෙයක් තේරෙන්නේ නෑ…
මේ ලෝකේ සිටින සියඵ දෙනාටම තේරෙන එකම භාෂාව වන සංගීතයත්  බිහිරි අයට තේරෙන්නේ නෑ. හේතුව ඉතින් කන් ඇහෙන්නැති එකනේ… ගොළු අය පාවිච්චි කරන්නෙත් ඒ අයටම ආවේනික වුනු ප්‍රොටෝකෝල් එකක් (sign language).
කතාකරන කෙනා අහන කෙනාට තේරෙන භාෂාවකින් කතා කරන්නම ඕනෙ නැත්නම් communication එක ෆේල් වෙනවා….එසේනම් දෙන්නා අතර යම් භාෂාවක සම්මතයක් තවත් විදිහකට කියනවානම් දෙදෙනාටම පොදුවූ නීති පද්ධතියක් පිහිටුවා ගත යුතුයි.
TCP/IP කියන්නේ මුළු ලෝකෙටම පොදුවූ නීති පද්ධතියකින් සමන්විත ප්‍රොටෝකෝලයක්…. මෙහිදී යම්  bit pattern එකක් send කරපුවහම receiver එකට පුළුවන් එවපු දේ තේරුම් ගැනීමට.
ඕනෑම කෙනෙකුට තමන්ගේ අවශ්‍යතාවය අනුව තමන්ටම කියලා protocol එකක් සාදාගන්න පුළුවනි.  තමන්ගේම project එකකදී equipment අතර internal communication වලට Protocol එකක් design කරගත හැකියි…. නමුත් ලොකේ සිටින අනෙකුන් අතර සිදුවන communication  වලදී ලොවම පිළිගත් protocol පාවිච්චි කිරීම අනිවාර්යයි.
Read More »

Friday, September 25, 2015

Blutooth වල කාලේ දැන් ඉවරයි !



මගේ office එකේ පෙසා කියලා යාලුවෙක් ඉන්නවා. එයාගේ ඇත්ත නම පෙසා නෙමෙයි ඒත් අපි ලෙසියට කියන්නේ එහෙමයි. ඉතින් දචසක් පෙසා මගෙන් ඇහුවා ඇනිමේෂන් film එහෙම තියෙනවද කියලා ? 
හොද චෙලාවට මගේ ගාව Rio bird 2 කියලා film එකක් තිබුනා. 
මොකද 18 පැනපු කාටුන් බලන්නන්ගේ සංගමයේ මාත් ඉන්නවනේ.
ඔන්න ඔයාලත් Rio bird 2 බලලා නැත්නම් බලන්න පට්ට film එකක් තමා. හැබැයි ඒකේ Rio bird 1 බලලා තමා 2 බලන්න ඕනා.
ඉතින් ඊට පස්සේ මම ඒ film එකේ computer  share folder එකට දාලා එයාගේ Android phone එකට copy කරලා දුන්නා.
මම පස්සේ දචසක කියන්නම්කො computer එකේ share folder එකක ඉදලා Android phone එකකට file share කරන්නේ කොහොමද කියලා.
පස්සේ දචසක පෙසා එයාගේ බෝඩිමේදි මේ film එක බලනකොට එයාගේ යාළුවෙකුටත් මේ film එක ඕන වෙලා. හැබැයි මේ film එක දාන්න වෙලා තියෙන්නේ පෙසාගේ යාළුචගේ phone එකට ඉතින් පෙසා phone එකේ Bluetooth එහෙම on කරලා ලැස්ති වෙනකොටම පෙසාගේ යාළුවා කිව්වලු 
" දැන් Bluetooth වල කාලේ ඉවරයි බන් WiFi-direct තමයි දැන් file transfer කරන්න තියෙන ලේසිම සහ fast ම ක්‍රමය කියලා." 

කොහොමහරි පෙසාගේ යාළුචා ඒ film එක WiFi direct හරහා share කරගෙන තියෙනචා.

දැන් අපි බලමු මොකක්ද මේ WiFi direct කියන්නේ කියලා.



                    ඇත්තටම Wi-Fi Direct-certified devices චලට විතරයි මේ අලුත් technology එක support කරන්නේ.
ඒ කියන්නේ WiFi තියෙන හැම phone එකක්ම use කරලා WiFi direct මගින් connect කරන්න බැහැ. එහෙම connect කරනවනම් ඒවා Wi-Fi Direct-certified devices වෙන්න ඕනේ. අනික තමයි WiFi direct මගින් device 2ක් විතරක් නෙමෙ,
ඊට වඩා ගනනක් උනත් එකිනෙක හා සම්බන්ද කර ගන්න පුළුවන්. මේ technology එකේ තියෙන විශේෂම අංගය තමයි අපේ ගෙදර එහෙම නැත්නම් office එකේ තියෙන hotspot network එකට සම්බන්ධ නොවි කෙලින්ම ඒ ඒ device එකිනෙක හා සම්බන්ධ වීමට ඇති හැකියාවයි.
Mobile phones, cameras, printers, PCs, සහ gaming devices වගේ උපකරන එකිනෙක connect කරලා  ඒවායේ තිබෙන application ඒවගේම share කරන්න අචශ්‍ය files එක් device එකකින් තවත් device  එකකට ක්ෂනයකින්( Wi-Fi speeds of up to 250 Mbps) transfer කරන්න WiFi-direct  තාක්ෂණයට පුළුවන්.
ඔබ ලග දැනට තිබෙන phone එක නැත්නම්  TV එක වගේ උපකරන වල WiFi-direct පහසුකම දැනට පවතිනවද කියලා බලන්න ඕනෙනම්  පහත තිබෙන ලින්ක් එක මගින් බලාගන්න පුළුචන්.

ඔබගේ device  එක මෙම list එකේ තියෙනවද කියලා check  කරගන්න



Read More »

Tuesday, September 15, 2015

peer-to-peer (P2P)


යාළුවනේ අද මම ඔයාලට පොඩි කතන්දරයක් කියන්නයි යන්නේ.
මම හිතුවා ටිකක් අලුත් විදිහකට Computer Network ගැන මම දන්න ටික ඔයාලට කියන්න.
මෙකත් බෝරින් වගේ නම් පොඩි Comment 1 දාන්නකෝ.

ඔන්න එකමත් එක කාලෙක හිටියලු ගජ යාළුවෝ 4 දෙනෙක් චාමල්, ඉෂාන්, ප්‍රසාද් සහ පියුමි කියලා. ඔන්න ඉතින් මේ 4 දෙනා RC කියන ආයතනයේ වැඩ කරන කාලේ Computer Network කරන විදිහ කවුරුත් ලෝකේ හොයාගෙන තිබුනේ නැහැලු. මේ RC කියන ආයතනයේ Computer තිබුනට දැන් වගේ ඒවා Network කරලා File share කරන්න හැකියාව තිබිලත් නැහැ.
එත් මේ චාමල් ටිකක් කටකාරයෙක් වගේම වැඩ කායෙක්ලු. දවසක් පියුමි ඇවිත් කිව්වලු ,
අපි මේ Computer 2ක් සම්බන්ධ කරලා File share කරන්න පුළුවන්ද කියලා බලමු කියලා
චාමල් කිව්වලු
අපි පොඩි research එකක් කරලා බලමු කියලා

ඉතින් මේගොල්ලො පහත රූපයේ පරිදි Computer 2ක් setup කලාලු.




මෙහි තිබෙන  Network Card එකේ එක wire (1) එකක් “bits” send  කරන්නත් අනෙක් wire (2)“bits” receive කරන්නත් පුළුවන් වෙන විදිහව තමයි design කලේ.
පසුව රූපයේ පරිදි ඒ Network Card 2 cross වෙන පරිදි Cable 2 කින් ප්‍රසාද් සම්බන්ධ කලාලු.
ඊලගට පියුමි මේ Computer 2File share  කරන්න පුළුවන් වෙන්න “Z” කියලා Program 1 හැදුවලු
මේ “Z” Program එකෙන් එක PCක සිට
Z send doc.txt කියලා type කලාම අනිත් PC එකෙන් doc.txt file 1 ලබාගන්න පුළුවන්.
කොහොමහරි මේ ගජ යාළුවෝ 4 දෙනාගේ වැඩ් හරි ගිහින් Computer 2 අතර File share  කරන්න පුළුවන් උනාලු.


දැන් අපි කතාකරන Peer-to-peer (P2P) computing or networking කියලා කියන්නේ මේවගේ PC 2ක් අතර තියෙන communication එකකට තමයි. 

Read More »

Friday, September 11, 2015

මොකක්ද මේ “bit” කියන්නේ ?

Short form එකක් තමා අපි බිට් “bit” කියලා කියන්නේ 
Binary digit තමා ඒකේ දිග නම,
මේක තමයි යම් තොරතුරක් “information” එකක තියෙන කුඩාම ඒකකය.

එක තනි බිට් එකකට Boolean value of False (0)  හරි Boolean value of True (1) හරි ලෙස  භූලියන් අගයන් දෙකක් තබා ගැනීමට හැකියාව තියෙනවා.
නිකම් හිතලා බලන්න මේ Boolean value දෙක පාවිච්චි කරලා Computer එක කොච්චර දේවල් අපිට කරලා දෙනවද?
සෑම උපදෙසක්ම “instruction” මෙහෙයවන්නේ මේ bit උපයෝගී කරගෙන. 
 මේ බයිට් byte කියලා කියන්නේ අඩියක් ගහනකොට කන ඒවලටනම් නෙමෙයි, අනුපිළිවෙලට “sequence” සකසපු bit වල ගුණිතයකට, මේවා සාමාන්‍යෙයන් පාවිච්චි කරන්නේ data store කරන්න වගේම instruction provide කරන්න. Byte එකකට සාමාන්‍යයෙන් යොදාගන්නේ බිට් අටයි “eight bit”. මෙම Byte 1ක ආකාර 28  හෝ 256 ලෙස විවිධ වූ values තිබිය හැක.

මේ bit සහ byte කියන එක ශබ්ධ වෙන්නේ එක වගේ නිසා නිතරම අපිට පැටලෙනවා. එහෙම නේද යාළුවනේ …………… ?
නමුත් මේවා ලියන විට,
bit” දක්වන්නේ සිම්පල් “b” වලින්
byte” දක්වන්නේ කැපිටල් “B” වලින්

අපි පොඩි උදාහරණයක් ගනිමු…………………

පොඩි text file එකක ප්‍රමාණය 6KB යැයි සිතමු,
ඒ කියන්නේ එම text file එක byte” වලින් ගත්තොත් 6,000 bytes

එලෙසම එම text file එක bit” වලින් ගත්තොත් 48,000 bits

සාමාන්‍ය ලෙස,  Hard disk එකක් හෝ Flash Drive යන storage devices වල  ගබඩා කරන Data ප්‍රමාණය (storage capacity ) මැනිමට,
byte” භාවිතා කරනවා. 
නමුත් දත්ත හුවමාරු අනුපාතය (  data transfer rates )  මනින්නේ
 bits” වලින් තමයි.

උදාහරණයක් වශයෙන්,................
SSD වල Data ගබඩා කල හැකි ප්‍රමාණය (ගබඩා ධාරිතාව ) 240 GB වන අතර එහි දත්ත හුවමාරු අනුපාතය (  data transfer rates )  10 Mbps වේ.

තොරතුරු තාක්ෂණයේදි, bit” පොදුවේ බැලීමට සහ කණ්ඩායම් වශයෙන් තොරතුරු නියෝජනය කිරිමේ පහසුව සඳහා,  පහත ඒකක සාම්ප්‍රදායිකව භාවිතා කර ඇත.


මීට අමතරව, Computer processor architecture වලදි bits” යන්න භාවිතා වනවා. 
එනම් 32-bit processor හෝ 64-bit processor ලෙස වර්ග දෙකකට බෙදා දැක්විය හැක.

උදා:- 32bit processor එකක data register එක 32bit තරම් පැතිරිලා තියෙනවා හෝ එක address එකක් මතකයේ තබාගන්න 32bit පාවිච්චි කරනවා. ඉතින් කාටත් තේරෙනවා ඇතිනේ මේක 64bit වෙනකොට වැඩි මතකයක් යොදා ගන්න හැකියාව තියෙන නිසා speed එකත් වැඩිවෙනවා....

32bit bus සහ 64bit bus වල අදහසත් මේ වගේමයි, සාමානයෙන් bus කියන්නේ මිනිස්සු ප්‍රවාහනයට ගන්න වාහනයක්නෙ 32bit bus කියන්නේ මිනිස්සු 32 ක් දාගෙන යන්න පුළුවන් බස් එකක් නම් 64bit bus කියන්නේ මිනිස්සු 64 ක් දාගෙන යන්න පුළුවන් බස් එකකට ඒක තමයි සරලම පැහැදිලි කිරිම.

Read More »

Friday, September 4, 2015

Official Android 6.0 Marshmallow

මේවා කන්න ආසයිද ?




මේ රූපේ පෙනහැටියට නම් තියෙන්නේ මාස්මෙලෝස් වගෙයි.
ෂාාාා.......  රසම රස  කෑමක්නේ.



හැබැයි මම දැන් කතා කරන්න යන්නේ කෑමක් ගැන නෙවෙයි. ඒ තමයි මේ මාස්මෙලෝස් OS එක ගැන.

දැන් කා අතරත් වැඩිපුරම ජනප්‍රිය ANDROID PHONE වලට අළුතෙන්ම එන Android 6.0 OS එක තමයි මේ මාස්මෙලෝස් කියලා කියන්නේ.
(a sweet spot for Marshmallow: Official Android 6.0)


මේ අළුත් Android 6.0 OS එකේ තියෙන අළුත්ම වැඩ කෑලි ටික (Features) තමයි.............

  • User Interface එක පාවිචි කරලා Final Permissions හදන්න පුළුවන් වන විදිහට update කරලා තියෙනවා.


  • මේ OS එකේ කරලා තියෙන අපිට වැදගත්ම වන දේ තමයි,  Doze කියලා අළුතෙන්ම power management scheme එකක් හදුනවා දී තිබේ. එමගින් Phone එකේ battery life එක දෙගුණ වන බව, GOOGLE සමාගම පවසනවා.
       ඒකනම් හොද ආරන්චියක් තමයි

  •  Network-related settings අපිටම reset කරවන්න පුලුවන් වෙන විදිහේ අළුත් option එකකුත් ලබා දීලා තියෙනවා.


  • Fingerprints පාවිච්චි කරලා devices එක unlock කරන්න වගේම Android Apps වලට fingerprint-based authentication ලබාදෙන්නත් පුලුවන්.


  • Android Marshmallow OS එකට USB Type-C භාවිතා කරන්න පුලුවන්.

(the ability to instruct devices to charge another device over USB )

Android "Marshmallow" home screen, with proprietary applications
DeveloperGoogle
Latest previewDeveloper Preview 3 MPA44I / August 19, 2015; 15 days ago
Preceded byAndroid 5.x "Lollipop"
Official websitewww.android.com


Read More »