Friday, September 11, 2015

මොකක්ද මේ “bit” කියන්නේ ?

Short form එකක් තමා අපි බිට් “bit” කියලා කියන්නේ 
Binary digit තමා ඒකේ දිග නම,
මේක තමයි යම් තොරතුරක් “information” එකක තියෙන කුඩාම ඒකකය.

එක තනි බිට් එකකට Boolean value of False (0)  හරි Boolean value of True (1) හරි ලෙස  භූලියන් අගයන් දෙකක් තබා ගැනීමට හැකියාව තියෙනවා.
නිකම් හිතලා බලන්න මේ Boolean value දෙක පාවිච්චි කරලා Computer එක කොච්චර දේවල් අපිට කරලා දෙනවද?
සෑම උපදෙසක්ම “instruction” මෙහෙයවන්නේ මේ bit උපයෝගී කරගෙන. 
 මේ බයිට් byte කියලා කියන්නේ අඩියක් ගහනකොට කන ඒවලටනම් නෙමෙයි, අනුපිළිවෙලට “sequence” සකසපු bit වල ගුණිතයකට, මේවා සාමාන්‍යෙයන් පාවිච්චි කරන්නේ data store කරන්න වගේම instruction provide කරන්න. Byte එකකට සාමාන්‍යයෙන් යොදාගන්නේ බිට් අටයි “eight bit”. මෙම Byte 1ක ආකාර 28  හෝ 256 ලෙස විවිධ වූ values තිබිය හැක.

මේ bit සහ byte කියන එක ශබ්ධ වෙන්නේ එක වගේ නිසා නිතරම අපිට පැටලෙනවා. එහෙම නේද යාළුවනේ …………… ?
නමුත් මේවා ලියන විට,
bit” දක්වන්නේ සිම්පල් “b” වලින්
byte” දක්වන්නේ කැපිටල් “B” වලින්

අපි පොඩි උදාහරණයක් ගනිමු…………………

පොඩි text file එකක ප්‍රමාණය 6KB යැයි සිතමු,
ඒ කියන්නේ එම text file එක byte” වලින් ගත්තොත් 6,000 bytes

එලෙසම එම text file එක bit” වලින් ගත්තොත් 48,000 bits

සාමාන්‍ය ලෙස,  Hard disk එකක් හෝ Flash Drive යන storage devices වල  ගබඩා කරන Data ප්‍රමාණය (storage capacity ) මැනිමට,
byte” භාවිතා කරනවා. 
නමුත් දත්ත හුවමාරු අනුපාතය (  data transfer rates )  මනින්නේ
 bits” වලින් තමයි.

උදාහරණයක් වශයෙන්,................
SSD වල Data ගබඩා කල හැකි ප්‍රමාණය (ගබඩා ධාරිතාව ) 240 GB වන අතර එහි දත්ත හුවමාරු අනුපාතය (  data transfer rates )  10 Mbps වේ.

තොරතුරු තාක්ෂණයේදි, bit” පොදුවේ බැලීමට සහ කණ්ඩායම් වශයෙන් තොරතුරු නියෝජනය කිරිමේ පහසුව සඳහා,  පහත ඒකක සාම්ප්‍රදායිකව භාවිතා කර ඇත.


මීට අමතරව, Computer processor architecture වලදි bits” යන්න භාවිතා වනවා. 
එනම් 32-bit processor හෝ 64-bit processor ලෙස වර්ග දෙකකට බෙදා දැක්විය හැක.

උදා:- 32bit processor එකක data register එක 32bit තරම් පැතිරිලා තියෙනවා හෝ එක address එකක් මතකයේ තබාගන්න 32bit පාවිච්චි කරනවා. ඉතින් කාටත් තේරෙනවා ඇතිනේ මේක 64bit වෙනකොට වැඩි මතකයක් යොදා ගන්න හැකියාව තියෙන නිසා speed එකත් වැඩිවෙනවා....

32bit bus සහ 64bit bus වල අදහසත් මේ වගේමයි, සාමානයෙන් bus කියන්නේ මිනිස්සු ප්‍රවාහනයට ගන්න වාහනයක්නෙ 32bit bus කියන්නේ මිනිස්සු 32 ක් දාගෙන යන්න පුළුවන් බස් එකක් නම් 64bit bus කියන්නේ මිනිස්සු 64 ක් දාගෙන යන්න පුළුවන් බස් එකකට ඒක තමයි සරලම පැහැදිලි කිරිම.

2 comments :

  1. //එක තනි බිට් එකකට Boolean value of True (0) හරි Boolean value of True (1) හරි ලෙස භූලියන් අගයන් දෙකක් තබා ගැනීමට හැකියාව තියෙනවා.// මෙහි Boolean value of false (0)ලෙසින් නිවැරදි විය යුතුයි නේද? :)

    ReplyDelete
  2. ඇත්තටම බුද්ධික මහතා මගේ බොලොග් සටහනේ ලියවී තිබු වැරදි අදහස නිවැරදි කිරිම ගැන මාගේ විශේෂ ස්තුතිය, ඔබට පුදකරමි.
    :-)

    ReplyDelete