Tuesday, September 15, 2015

peer-to-peer (P2P)


යාළුවනේ අද මම ඔයාලට පොඩි කතන්දරයක් කියන්නයි යන්නේ.
මම හිතුවා ටිකක් අලුත් විදිහකට Computer Network ගැන මම දන්න ටික ඔයාලට කියන්න.
මෙකත් බෝරින් වගේ නම් පොඩි Comment 1 දාන්නකෝ.

ඔන්න එකමත් එක කාලෙක හිටියලු ගජ යාළුවෝ 4 දෙනෙක් චාමල්, ඉෂාන්, ප්‍රසාද් සහ පියුමි කියලා. ඔන්න ඉතින් මේ 4 දෙනා RC කියන ආයතනයේ වැඩ කරන කාලේ Computer Network කරන විදිහ කවුරුත් ලෝකේ හොයාගෙන තිබුනේ නැහැලු. මේ RC කියන ආයතනයේ Computer තිබුනට දැන් වගේ ඒවා Network කරලා File share කරන්න හැකියාව තිබිලත් නැහැ.
එත් මේ චාමල් ටිකක් කටකාරයෙක් වගේම වැඩ කායෙක්ලු. දවසක් පියුමි ඇවිත් කිව්වලු ,
අපි මේ Computer 2ක් සම්බන්ධ කරලා File share කරන්න පුළුවන්ද කියලා බලමු කියලා
චාමල් කිව්වලු
අපි පොඩි research එකක් කරලා බලමු කියලා

ඉතින් මේගොල්ලො පහත රූපයේ පරිදි Computer 2ක් setup කලාලු.




මෙහි තිබෙන  Network Card එකේ එක wire (1) එකක් “bits” send  කරන්නත් අනෙක් wire (2)“bits” receive කරන්නත් පුළුවන් වෙන විදිහව තමයි design කලේ.
පසුව රූපයේ පරිදි ඒ Network Card 2 cross වෙන පරිදි Cable 2 කින් ප්‍රසාද් සම්බන්ධ කලාලු.
ඊලගට පියුමි මේ Computer 2File share  කරන්න පුළුවන් වෙන්න “Z” කියලා Program 1 හැදුවලු
මේ “Z” Program එකෙන් එක PCක සිට
Z send doc.txt කියලා type කලාම අනිත් PC එකෙන් doc.txt file 1 ලබාගන්න පුළුවන්.
කොහොමහරි මේ ගජ යාළුවෝ 4 දෙනාගේ වැඩ් හරි ගිහින් Computer 2 අතර File share  කරන්න පුළුවන් උනාලු.


දැන් අපි කතාකරන Peer-to-peer (P2P) computing or networking කියලා කියන්නේ මේවගේ PC 2ක් අතර තියෙන communication එකකට තමයි. 

No comments :

Post a Comment