Friday, September 25, 2015

Blutooth වල කාලේ දැන් ඉවරයි !



මගේ office එකේ පෙසා කියලා යාලුවෙක් ඉන්නවා. එයාගේ ඇත්ත නම පෙසා නෙමෙයි ඒත් අපි ලෙසියට කියන්නේ එහෙමයි. ඉතින් දචසක් පෙසා මගෙන් ඇහුවා ඇනිමේෂන් film එහෙම තියෙනවද කියලා ? 
හොද චෙලාවට මගේ ගාව Rio bird 2 කියලා film එකක් තිබුනා. 
මොකද 18 පැනපු කාටුන් බලන්නන්ගේ සංගමයේ මාත් ඉන්නවනේ.
ඔන්න ඔයාලත් Rio bird 2 බලලා නැත්නම් බලන්න පට්ට film එකක් තමා. හැබැයි ඒකේ Rio bird 1 බලලා තමා 2 බලන්න ඕනා.
ඉතින් ඊට පස්සේ මම ඒ film එකේ computer  share folder එකට දාලා එයාගේ Android phone එකට copy කරලා දුන්නා.
මම පස්සේ දචසක කියන්නම්කො computer එකේ share folder එකක ඉදලා Android phone එකකට file share කරන්නේ කොහොමද කියලා.
පස්සේ දචසක පෙසා එයාගේ බෝඩිමේදි මේ film එක බලනකොට එයාගේ යාළුවෙකුටත් මේ film එක ඕන වෙලා. හැබැයි මේ film එක දාන්න වෙලා තියෙන්නේ පෙසාගේ යාළුචගේ phone එකට ඉතින් පෙසා phone එකේ Bluetooth එහෙම on කරලා ලැස්ති වෙනකොටම පෙසාගේ යාළුවා කිව්වලු 
" දැන් Bluetooth වල කාලේ ඉවරයි බන් WiFi-direct තමයි දැන් file transfer කරන්න තියෙන ලේසිම සහ fast ම ක්‍රමය කියලා." 

කොහොමහරි පෙසාගේ යාළුචා ඒ film එක WiFi direct හරහා share කරගෙන තියෙනචා.

දැන් අපි බලමු මොකක්ද මේ WiFi direct කියන්නේ කියලා.



                    ඇත්තටම Wi-Fi Direct-certified devices චලට විතරයි මේ අලුත් technology එක support කරන්නේ.
ඒ කියන්නේ WiFi තියෙන හැම phone එකක්ම use කරලා WiFi direct මගින් connect කරන්න බැහැ. එහෙම connect කරනවනම් ඒවා Wi-Fi Direct-certified devices වෙන්න ඕනේ. අනික තමයි WiFi direct මගින් device 2ක් විතරක් නෙමෙ,
ඊට වඩා ගනනක් උනත් එකිනෙක හා සම්බන්ද කර ගන්න පුළුවන්. මේ technology එකේ තියෙන විශේෂම අංගය තමයි අපේ ගෙදර එහෙම නැත්නම් office එකේ තියෙන hotspot network එකට සම්බන්ධ නොවි කෙලින්ම ඒ ඒ device එකිනෙක හා සම්බන්ධ වීමට ඇති හැකියාවයි.
Mobile phones, cameras, printers, PCs, සහ gaming devices වගේ උපකරන එකිනෙක connect කරලා  ඒවායේ තිබෙන application ඒවගේම share කරන්න අචශ්‍ය files එක් device එකකින් තවත් device  එකකට ක්ෂනයකින්( Wi-Fi speeds of up to 250 Mbps) transfer කරන්න WiFi-direct  තාක්ෂණයට පුළුවන්.
ඔබ ලග දැනට තිබෙන phone එක නැත්නම්  TV එක වගේ උපකරන වල WiFi-direct පහසුකම දැනට පවතිනවද කියලා බලන්න ඕනෙනම්  පහත තිබෙන ලින්ක් එක මගින් බලාගන්න පුළුචන්.

ඔබගේ device  එක මෙම list එකේ තියෙනවද කියලා check  කරගන්න



1 comment :